කෘෂිකාර්මික ස්වභාව සෞන්දර්යයෙන් පරිසරයෙන් පරිපූර්ණ වූ අප පාසල ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත් වී ඇත. වර්ෂ 1962 දී මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව කොට්ඨාසේ ඇතිමලේ ග්‍රාමයෙහි 124/ජී තිස්සපුර ග්‍රාම නිලධාරී වසමට අයත්ව ඇතිමලේ ප්‍රාථමික විදුහල නමින් ආරම්භ වී ඇත. බී.පී.පීරිස් ගුරුතුමාගෙන් ඇරඹූ අප පාසල මේ වන විට සිදුහල්පතිවරුන් දහයකගේ පමණ පාලනයකින් යුතුව කටයුතු සිදු කර ඇත. ඩී.එම් ශාන්ත කුමාර දිසානායක විදුහල්පතිතුමා යටතේ අප පාසල වර්තමානයේ කටයුතු සිදුවෙමින් පවතී. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 761 පමණ ප්‍රමාණයකින් යුක්ත වූ පාසලේ සිසුන්ට අධ්‍යයනය සඳහා සුහුරු පන්ති කාමර 2කින් හා තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් සඳහා පරිගණක 35ක් පමණ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇත. 60% පමණ ප්‍රතිඵලයකින් යුක්ත සාමාන්‍ය පෙළ 45% සිසුන් සමත් කර අප පාසල ක්‍රියාවෙන් නම දිනූ පාසලකි. අප පාසල වටා 300 කොටස 70 කොටස 50 කොටස 28 කොටස බිල්ඩින් කොටස පැරකුම්පුර තිස්සපුර නාගලනගම ලෙස ගම්මාන පිහිටා ඇත.පාසල ඇති ඉහළම ජයග්‍රහණය ලෙස සංගීත හා ක්‍රීඩා අංශයේ සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන අප පාසලේ දක්ෂ පාසලක් බවට පත්ව ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1962 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
බී.ඕ පීරිස් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
බී.ඕ පීරිස් මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
මො/ඇතිමලේ මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩී.එම්. ශාන්ත දිසානායක |
|
පාසල රජයට පවරාගත් දිනය |
1962 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
300 කොටස ඇතිමලේ මොනරාගල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩී.එම් ජයසුන්දර දිසානායක |






