මො/ඇතිමලේ මහා විද්‍යාලය

මො/ඇතිමලේ මහා විද්‍යාලයේ ගුරු හිගය

ශිෂ්‍ය දක්ෂතා වර්ධන වැඩසටහන - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ඩී.ඇම් ශාන්ත කුමාර දිසානායක

මො/ඇතිමලේ මහා විද්‍යාලය ඌව පළාතේ මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් රටට, සමාජයට විශිෂ්ඨයන් බිහිකළ පාසලකි. වත්මන් විදුහල්පතිවරයා වශයෙන් මෙම පාසලට මෙහෙවරක් ඉටු කිරීමට ලැබීම ප්‍රසංසනීය කටයුත්තකි. අප පාසලේ කලා, වානිජ, විද්‍යා, ගණිත විෂයධාරාවන් පවත්වාගෙන යන අතර සෞන්දර්ය, ක්‍රීඩා සහ තොරතුරු තාක්ෂණ  අංශයන්ගෙන් කැපී පෙනෙන ජයග්‍රහණ මේ වන විට අත් කරගනිමින් සිටියි. නූතන ගෝලීයකරණ අධ්‍යාපනය තුළ විශිෂ්ටත්වයට පත් වීමට ගමේ දරුවන්ට වටිනා අවස්ථාවක් ලෙසත් විවිධ පාර්ශවයන්ගේ තොරතුරු හුවමාරු කරගැනීමටත් මෙම වෙබ් අඩවිය ඉතා ප්‍රයෝජනවත් වෙතැයි මා ඇතුලු මාගේ පාසලේ සියලු දෙනාගේ විශ්වාසයයි. එම විශ්වාසයන් සාර්ථක කර ගැනීමට හා පාසලේ ශිෂ්‍ය ශෂ්‍යාවන්ගේ සහ පාසලේ දියුණුව උදෙසා මෙම වෙබ් අඩවිය භාවිතා කරන ලෙස මා ඉල්ලා සිටින අතර මෙම කාර්යය සාර්ථක කර දුන් සියලු දෙනාටම මාගේ කෘතඥතාපූර්වක ස්තූතිය පලකරමි.

ඩී.ඇම් ශාන්ත කුමාර දිසානායක
විදුහල්පති
මො/ඇතිමලේ  මහා විද්‍යාලය.